පාරේ දුවන්නේ අනුරගේ වාහනේ විතර ද…! අපි නවත්තන්න බෑ..! තෙල් නැත්නම් කරත්තෙන් හරි යනවා..! – ටිල්වින්…

July 4, 2022 at 2:58 pm | by emanisa.lk

රටේ තෙල් හිඟයක් පවතින අවස්ථාවේ මහ මග ධාවනය වන්නේ ජවිපෙ නායක අනුර දිසානායකගේ වාහනය පමණක් දැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රශ්න කරයි.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා මතු කළ කාරණාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් ඉන්ධන ලබා ගැනීමට ලද සියලු අවස්ථාව තම පක්ෂය ප්‍රතික්ෂේප කළ බව ද ඔහු අවධාරණය කරයි.

ටිල්වින් සිල්වා පවසන්නේ, තම පක්ෂයේ වාහනවල වැඩ කරන සහෝදරයින් දින 4-5 පෝලිම්වල රස්තියාදු ලබා ගන්න තෙල් ටිකෙන් තමන් වැඩකටයුතු සඳහා ගමන් කරන බවයි.

රටේ තෙල් නොමැති නිසා විපක්ෂ මන්ත්‍රීවරුන් නිවසට වී සිටීවි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය වරදක් බවත් කරත්තයෙන් හෝ ගොස් තම කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *