පාරවල් ගාණේ ඇවිදලා, ගේම් ගහල සිස්ටම් චේන්ජ් කරන්න බෑ..! – නිමල් සිරිපාල….

August 25, 2022 at 4:31 pm | by emanisa.lk

මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘතිවලින් හෝ සිස්ටම් චේන්ජ් (ක්‍රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ප්‍රතිපල නොමැති බොරු සිස්ටම් චේන්ජ්වලින් ඵලක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමනාකරණ ඩිප්ලෝමාව හැදැරු සේවකයින් 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමීම සඳහා එහි ඊයේ (24) පැවැති උත්සවයේදීය

අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු චේන්ජ් කළ බවත් වරායේ තනතුරුවලට තමා කිසි විටකත් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *