පාරට බැහැලා ආණ්ඩු වෙනස් කරන්න ඉඩතියන්නේ නෑ…! – ජනපති…

March 4, 2023 at 7:39 am | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රියකර ජාතික ආර්ථිකයට එක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විෂය භාර අමාත්‍යවරයාට හා නිලධාරීන් වෙත උපදෙස් දෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට අද දහවල් පැමිණි අවස්ථාවේදීය ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබුණි.

ආණ්ඩුවක් වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් වන අතර මහ පාර ඊට විකල්පය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තිරිකුණාමල ගුවන් හමුදා කඳවුරේ ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *