පාන් පිටි හිඟයට විසඳුම්…! ඉන්දියාවෙන් ටොන් ලක්ෂයක්…!

September 11, 2022 at 10:11 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දැනට හටගෙන ඇති උග්‍ර පාන් පිටි හිඟය නිසා ඉන්දියාවෙන් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට දෙරට අතර තානාපති මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

මෙයට පෙර අනුමත කරන ලද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පිටි තොගය මිල දී ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

දැනට ඉන්දියාව විදේශ රටවලට පිටි අලෙවිය තාවකාලිකව තහනම් කර තිබේ. මෙම තහනම ඉන්දියාවෙන් පිටි මිල දී ගත් ආසියාතික රටවල් වන ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානයට තදින්ම බලපා ඇත.

එම නිසා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවසරයක් යටතේ මෙම පිටි මෙට්‍රික් ටොන් ලක්ෂය ලබා ගැනීම සඳහා කරන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *