පාතාළ දේපළවලට අත තියන්න එපා…! විදෙස් රටවල සිට පොලිසියට ඇමතුම්…

December 22, 2023 at 7:03 pm | by emanisa.lk

ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක කල්ලි නායකයෙකු වන සනා පොලිසියට දුරකතන ඇමතුමක් දී සිය නිවස වැටලීම සිදුනොකරන ලෙස හඬා වැළපෙමින් නිලධාරීන්ට පවසා තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පානදුර වලාන ඒකකයේ නිලධාරීන් මොරගහහේන පොලිස් වසමේ තේවත්ත පාර, කෝරලඉම ප්‍රදේශයේ තෙමහල් නිවසක් පරීක්ෂාවට ලක් කරද්දී එම නිවසට දුරකතන ඇමැතුමක් ලබා දී මේ බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් නිලධාරීන්ගේ ඉල්ලා ඇත්තේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් නිවසත් එහි ඇති කෝටි 2ක වටිනාකමින් යුත් ටොයොටා හැරියර් රථයත් සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙස ය.

කෙසේ වුව ද එම නිලධාරීන් කෝටි 10ක් පමණ නිවස සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමටත් නිවසේ තිබූ ටොයොටා රථය භාරයට ගෙන එය වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මොරගහහේන පොලිසියට භාර දීමටත් පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *