ප්‍රාදේශීය සභා සහ නගර සභාවලට මින් පසු රජයේ මුදල් නෑ…!

December 9, 2023 at 10:38 am | by emanisa.lk

පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා රජයෙන් මුදල් දීම අත්හිටුවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කරයි.

පළාත් පාලන ආයතනවල ඇතැම් නිලධාරීන්ගෙන් නිසියාකාර මහජන සේවාවක් නොවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සඳහන් කරයි.

මෙම නිලධාරීන් සිය ගමන් වියදම්, අතිකාල දීමනා ආදිය සභාවේ මුදලින් ලබාගන්නා බවද ඔහු අනාවරණය කරයි.

අඩු පහසුකම් තිබෙන පළාත් පාලන ආයතන නගා සිටුවීම සඳහා අමාත්‍යාංශයෙන් අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් ලබා දෙන බවත්, කොළඹ මහ නගර සභාව වැනි පහසුකම් බහුල පළාත් පාලන ආයතනවලට රජයෙන් පහසුකම් අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීවේය. දැනට පළාත් පාලන ආයතන බදු ආදායම් ලැබුවද ඒවායේ සේවක වැටුප් ගෙවන්නේ රජය විසිනි.

ඉදිරියේ දී සෑම පළාත් පාලන ආයතනයක්ම ස්වාධීනව පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීමෙන් පසුව එම ආයතන විසින්ම සිය ආදායම් සෙයාගෙන ස්වාධීනව පවත්වාගෙන යා යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *