ප්‍රකට අරගල ක්‍රියාකාරිනිය හදිසියේ අභාවප්‍රාප්ත වෙයි…!

November 13, 2022 at 12:56 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනියක වූ නිර්මාණි ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයා බාධයක් වැළඳී පසුගිය සෙනසුරාදා ලංකා රෝහලට ඇතුළත් කළ නිර්මාණි එහි දී මිය ගොස් තිබේ.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ඇගේ හදිසි අභාවය පිළිබඳ අරගලයට පක්ෂ විපක්ෂ බොහෝ පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇත.

ඇගේ ෆේස්බුක් පිටුවෙහි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ මරණය ප්‍රාර්ථනා කරමින් පළ කළ ද ලිපි ද සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *