පළාත් පාලන ඡන්දෙට මෛත්‍රී විමල් ඩලස් සන්ධානයක්…!

December 17, 2022 at 1:21 pm | by emanisa.lk

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට පක්ෂ කිහිපයක් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගය සහ ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව යන පක්ෂය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

පළාත් පාලන පනත අනුව පළාත් පාලන ආයතන,ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව ඇති අතර ඒ අනුව බොහෝ විට පෙබරවාරි මස මැතිවරණය පැවැත්වෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *