පවිත්‍රා සහ ජීවන් කැබිනට් ඇමැති ධූරවල දිවුරති…!

January 19, 2023 at 12:09 pm | by emanisa.lk

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර අද උදෑසන මහින්ද අමරවීර වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස තව දුරටත් කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *