පලස්තීනය වෙනුවෙන් අනුර පෙරට…! යුද්ධය නතර කළ යුතු බව දැනුම් දෙයි..!

October 18, 2023 at 4:47 pm | by emanisa.lk

ඊශ්‍රායල් පලස්තීන යුද ගැටුම නිසා පලස්තීන ජනතාව පීඩාවට පත්වෙමින් මිය යමින් ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පැවතිය යුතු වුව ද පලස්තීනය බිහි වූ දා සිට එම ජනතාවට එරෙහිව කෙනෙහිලිකම් සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මෙම යුද්ධය නතර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් විය යුතු බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.

කොළඹ පලස්තීන තානාපති කාර්යාලයට ගොස් එහි තානාපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *