‘පර දෙමළා, උඹලා ත්‍රස්තවාදීන්! තොපි මරනවා!’ හමුදාවෙන් මරණ තර්ජන කළා! – උතුරේ වෛද්‍යවරුන්ගෙන් චෝදනා…

October 29, 2020 at 2:00 pm | by emanisa.lk

යුද හමුදාවේ නිලධාරියෙකු විසින් වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට වර්ගවාදී ලෙස බැණ වැදී තර්ජනය කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

බ්‍රීගේඩියර් කේ.කේ.එස්. පැරකුම් නමැති නිලධාරියා “පර දෙමළා, ත්‍රස්තවාදීන්, තොපි මරනවා! මේක මගේ ඒරියා එක!” යැයි රෝහලට පැමිණ තර්ජනය කළ බව එම සංගමය සෞඛ්‍ය ඇමතිනිය වෙත යොමු කළ ලිපියක දැක්වෙයි.

පසුගිය යුද සමයේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන්ට තමන් උපරිමයෙන් ප්‍රතිකාර කළ බවත් මෙම නිලධාරියා හමුදාවේ ගෞරවය හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආත්ම ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු නො කළ බව ද එහි වැඩි දුරටත් දැක්වෙයි.

මෙම තත්ත්වය නිවැරදි කරන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සිය කාර්ය මණ්ඩලය ආරක්ෂාව සඳහා ඉවත් කරගන්නා බව ද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එමගින් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස