පඬු කරඳ ගහ ඉවත් කළේ රජයේ තීන්දුවක් අනුවයි…! – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…

July 11, 2023 at 3:59 pm | by emanisa.lk

මහනුවර-කොළඹ අධිවේගී මාර්ග වැඩබිමෙහි ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ පඬු කරඳ ශාකය ඉවත් කිරීම සිදුවූයේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු සඳහන් කළේ ගස වෙනුවට පඬු කරඳ ගස් දෙසීයයක් සිටුවීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ද හෙතෙම සඳහන් කළේ, කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

මේ අතර එම දුර්ලභ ගස කපා දැමීමට එරෙහිව නඩු පැවරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. එම ශාකය කපා දැමීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කර නැතැයි ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *