නිවසට කරදයක් වූ කසළ සඳහා මුදල්….! ප්‍රාදේශීය සභාවෙන් ඇරඹෙයි….!

April 4, 2021 at 12:06 pm | by emanisa.lk

ගෘහස්ශ්‍රිතව එක් රැස් වන කසළ සඳහා මුදල් ලබා දීමට ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් කටයුතු ආරම්භ කර තිබේ. ලංකාවේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ වන්නේ ප්‍රථම වතාවට ය.

වර්ල්ඩ් විෂන් ආයතනයේ ෆින්ලා ව්‍යපෘතිය සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ.

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම පවසන්නේ ගෘහස්ථව ජනනය වන ප්ලාස්ටික්, යකඩ, පොලිතීන්, කඩදාසි, රෙජීෆෝම්, වීදුරු වැනි නොදිරන අප ද්‍රව්‍ය මින් මතු නිවසයට කරදරයක් නොව මුදල් උපයන සම්පතක් බවට පත් කිරීම යථාර්ථයක් කර තිබෙන බවයි.

ඉන්දුනීසියාව පිලිපීනය වැනි රටවල මෙම ව්‍යාපෘතිය ඉතා ම සර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *