නැඳුන්ගමුවේ රාජා මෙවර දළදා පෙරහැරට නෑ! පෙරහැරේ ඇත් පන්තිය 70ට බසී!

July 30, 2019 at 9:56 pm | by emanisa.lk

මෙවර දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීම සඳහා නැඳුන්ගමුවේ රාජා සහභාගී නොවන බව හීලෑ අලි ඇතුන්ගේ සංගමය පවසයි.

අඛණ්ඩව 12 වරක් දළඳා පෙරහැරේ කරඬුව වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා හදිසියේ රෝගාතුරු වීම මීට හේතුව බව එම සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර පවසයි.

මේ අනුව මෙවර කරඬුව වැඩම කරවීම සඳහා කතරගම වාසනා සහ දළදා මාළිගාවේ ඉන්දිරාජා සහභාගී කරගැනීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල උපදෙස් දී තිබේ.

මේ වන විට ලංකාවේ සිටින්නේ හීලෑ අලි ඇතුන් 105 දෙනෙකු පමණක් බවත් ඒ අතරින් දළදා පෙරහැරේ ගමන් කරවිය හැකි තත්ත්වයේ පසුවන්නේ අලි ඇතුන් 70ක් පමණක් බවත් එය පෙරහැර කරවීමට ප්‍රමාණවත් නොමැති බවත් දම්සිරි බණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස