නව ආණ්ඩුව යටතේ 19 වෙනස් කරනවා!

February 11, 2019 at 7:35 am | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ අනාගත නව රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සංශෝධනය සාධනීය ලෙස වෙනස් කිරීම බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අද බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

“19 ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයේ සාධනීය ලෙස වෙනස් කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්, එහිදී ව්‍යවස්තා සභාවේ පවතින දුර්වලතා අවම කිරීමටත් අපේ අවධානය යොමුවෙලා තියෙනවා.” යැයිද මහාචාර්යවරයා පැවසීය.

ව්‍යවස්තා සභාවට සිවිල් සංවිධාන නියෝජිතයන් පත කෙරෙන ක්‍රමවේදය ද වෙනස් වියයුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *