නවක සිසුන්ට පිළුණු බත් කවා වධ දුන් පේරේ වධකයින්ට පන්ති තහනම්…!

June 11, 2023 at 5:01 pm | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

නවක සිසුන් පිරිසකට පිළුණු බත් කවා අමානුෂික ලෙස හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පන්ති තහනම සිදුකර ඇත.

පන්ති තහනමට ලක්වූ සිසුන් පිරිස කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 5 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළිණු බත් කෑමට දී පරුෂව චනයෙන් බැණ වැදී පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම පන්ති තහනම තාවකාලිකව පැන වූවක් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *