ධර්මද්වීප කතා හිස් පම්පෝරි විතරයි..! පාලකයෝ වගේ ම ජනතාවත් දූෂිතයි..! රටේ හෘද සාක්ෂිය මැරිලා…! – කාදිනල්තුමා…

October 31, 2022 at 11:58 am | by emanisa.lk

ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

“හෘද සාක්ෂිය තමයි අපිට පෙන්වන්නෙ හරිදේ කරල දෙවියන් වහන්සේටත්, අසල් වැසියාටත් ප්‍රේම කරන්නට, අපි වීරෝදාර විය යුත්තේ ඇයි ද කියල. අද හෘද සාක්ෂියක් අපිට තිබෙනවාද? හුඟක් වෙලාවට මරල නේද තියෙන්නෙ. බලන්න මාධ්‍යවල ප්‍රචාරය වන දේවල්. හැමදාම වගේ තියෙන්නෙ මිනී මැරුම්, හොරකම්,දුෂණ, අපරාධ තමයි.

මේ අපේ රට ධර්මද්වීපයක් කියා කිව්ව. ආගම් අදහන මිනිස්සු ඉන්න රටක් කියා අපි පම්පෝරි ගැහුවා. අනෙක් රටවල් ඉදිරියේ අපි ආගම හරියට අදහන, ආගම ව්‍යවස්ථාවේ දාල තියෙන දෙයක් විදියට අපි හැඳින්වූවා.

විදේශ රටවල ව්‍යාවස්ථාවට ආගම ඇතුල් කර නැහැ. නමුත් අප රටේ ආගම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනවා. අපි ආගම ගැන පාරට්ටු කර ගත්තත් අපේ සමාජය තුළ මේ ඇතිව තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද ?

හේතුව අපේ රටේ වගකිව යුත්තන් පමණක් නොව සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ හෘද සාක්ෂිය අමතක කරල එයට විරුද්ධව කටයුතු කිරීමට පුරුදුව සිටීමයි. හුඟක් දෙනෙකුට හරි දේ වැරදි දේ අතර වෙනස දැන් පෙනෙනේ නැහැ. ඒ නිසා අද සමාජය තුළ වැරදි දේ කරන්නට මනුෂ්‍යයා පෙළැඹී සිටින්නෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *