ධම්මිකගේ ඇමැති තනතුර ස්ථිරයි…! සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලින් ඉවතට…! පොහොට්ටුවේ සාමාජිකත්වයත් ගනී..!

June 10, 2022 at 2:53 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මේ අතර ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.

යම් හෙයකින් ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුනහොත් අධිකරණය ඉදිරියේ එම පත් වීම අභියෝග කිරීමට හැකි බව නීති විශාරදයන් පෙන්වා දී ඇත.

එම අභියෝගවලට ද මුහුණ දීමට සූදානමින් ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසීමට තීරණය කර ඇති බව පැවසේ. ධම්මික පෙරේරා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය ද ලබා ගෙන තිබේ.

තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යනුවෙන් නව අමාත්‍යංශ දෙකක් ද ඊයේ රාත්‍රියේ ගැසට් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *