දෛනික කොවිඩ් මරණ සහ ආසාදිතයින් පහළට…! දින 23කට පසු මරණ 150ට වඩා පහළ අගයක…!

September 5, 2021 at 12:44 pm | by emanisa.lk

දින 23කට පසු කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගේ අඩු වීමක් ඊයේ (04) වාර්තා විය.

ඒ අනුව ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ කොවිඩ් මරණ 145ක් පමණි.

මෙරට දෛනකි කොවිඩ් මරණ සංඛ්‍යාව 150ට වඩා අඩු වූයේ දින 23කට පසුය.

මේ අනුව ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9951 දක්වා ඉහළ යයි.

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 3333කි. එහෙත් පසුගිය දින කිහිපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *