දේශපාලන පත්කිරීමකට එරෙහිව රේගුව වැඩ වරයි! රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීම පිටුපස දූෂිත දේශපාලන හස්තයක්!

January 31, 2019 at 2:00 am | by admin

ශ්‍රීලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා රේගු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

පසුගිය වර්ෂ කිහිපය පුරා රජයේ ආදායම් ඉලක්ක සපුරා ගත් මනා කාර්යක්ෂතාවකින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රේගුව සඳහා 2015 සිට කිසිම පදනමකින් තොරව අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු පත් කර ඇති බවත් මෙමගින් රේගුවේ කටයුතු අඩපන වී ඇති බවත් අගමැති විරුද්ධ පක්ෂ නායක, මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයාට සහ ලේකම්වරයාට යොමු කළ ලිපියකින් චෝදනා කර ඇත.

රටේ නීතිය අනුව රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා රේගු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු විසින් දැරිය යුතු රේගු අධ්‍යක්ෂ තනතුර එම සියලු නීති උල්ලංඝනය කරමින් දේශපාලන උවමනා මත මිලිටරි පුහුණුවක් සහිත නිලධාරියකු පත් කිරීම අනුමත නොකරන බවත් එම පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් ඔහු යටතේ සේවය කිරීමට සූදානම් නැති බවත් මෙම ක්‍රියාපටිපාටිය වෙනස් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එහි සඳහන් වෙයි.

කටුනායක ගුවන්තොටුපළ ගුවන්බඩු අංශය සහ අපනයන අංශය හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වන විට රේගු සේවකයන් ඉවත් වී තිබේ. මේ නිසා රටේ ආදායම් පහත වැටී භාණ්ඩ හිඟයක් ද ඇති විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *