දෙහිවල සත්තුවත්තේ සිංහයාට කොවිඩ්…! සිංහයා සහ සේවක පිරිසක් නිරෝධායනයට….!

June 18, 2021 at 1:40 pm | by emanisa.lk

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිත සිංහයා සත්වෝද්‍යානයේ ම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇති අතර සිංහ ධේනුව ගැන සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙති.

සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි. පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එහි සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සත්වයකු සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙර හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාට ද කොවිඩ් වැළඳී ඇතැයි සැකයක් පවතින බව එහි නිලධාරීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *