දූෂිත ඩලස් පිල එක්ක මාලිමාවට සන්ධාන හදන්න බෑ..! – හරිනි අමරසූරිය…

September 11, 2023 at 12:15 pm | by emanisa.lk

රටට හානිදායක දේවල්වලට සම්බන්ධ අය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධව මේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන අවස්ථාවේ 18,19,20 හා 21 යන සියලු සංශෝධනවලට පක්ෂව අත් එස වූ අය එම කණ්ඩායමේ සිටින්නේ යැයි ද ඇය කීවාය.

රටේ දූෂණ හා වංචාවලට සම්බන්ධ වූවන් මෙන්ම ඒවා නතර කිරීමට උනන්දුවක් නොදැක්වූ අය ද සිටින බැවින් ඔවුන් හා සන්ධානගත වීමේ හැකියාවක් ජාතික ජන බලවේගයට නැතැයි ද ඇය පැවසුවාය.

ජනතාව වෙතින් පිළිගැනීමක් ලබන්න නම් ඔවුන් අවංකව ජනතාව ඉදිරියේ පාපෝච්චාරණයක් කළ යුතු යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

පේරාදෙණියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *