දූෂිතයන්ට දඬුවම් දීම දේශපාලනීකරණය විය යුතු නෑ…! – මව්බිම ජනතා පක්ෂය….

July 9, 2024 at 8:11 pm | by emanisa.lk

දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කිසිසේත් දේශපාලනීකරණය නොවිය යුතු බව මව්බිම ජනතා පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ රංජන් සෙනෙවිරත්න සඳහන් කළේ, රටේ වංචාව දූෂණය අහෝසි කළ යුතු බවයි.

වංචාවෙන් දූෂණයෙන් උපයා ගත් දේපළ නැවත රජයට පවරා ගත යුතු අතර එහි නිරත වූ අයට දඬුවම් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

අද (09) සර්වජන බලය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් රංජන් සෙනෙවිරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *