දූෂණ විරෝධී පනතේ වගන්ති 28ක් ව්‍යවස්ථාවට පටහැනියි…!

June 7, 2023 at 8:47 am | by emanisa.lk

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් (28ක්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඊයේ (06) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන කළහොත් මෙම අනනුකූලතාවන් නතර වනු ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය.

එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති පනත් කෙටුම්පතේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇති සංශෝධන මගින් පෙත්සම්කරුවන් විසින් අවධාරණය කර ඇති කරුණු විසඳිය හැකි බව ද කථානායකවරයා පැවසීය.

ව්‍යවස්ථාවට පටහැනි වන්නේ 1, 2(1)(එෆ්), 2(2), 3(2), 4(1)(ඒ), 4(1)(බී), 4(3), 17(1), 21, 31 (2), 163(2)(එච්), 40, 48(3), 49(1)(එෆ්), 50(1)(ඒ), 53(1), 62(1), 65, 67(5), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 යන වගන්තිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද ‘දූෂණ විරෝධී’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම්දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *