දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට…?

June 17, 2023 at 5:57 am | by emanisa.lk

දුම්රිය ධාවනය සඳහ⁣ පෞද්ගලික අංශයට ද අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන්හි දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් කිහිපයකට භාර යුතු බව ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුව බලපාන ගැටලු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී හෙළි කිරීමෙන් පසුවයි, ඔහු මෙම අදහස් පල කළේ.

එසේ පෞද්ගලික අංශයට මෙම සේවය ලබා දුන් පසු හැමෝටම කෝච්චියේ යා හැකි ආකාරයට ඒවා ගොඩනැගෙනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *