දුම්රිය අධිකාරියක් කරන්න ඉඩ දෙන්නේ නෑ…! – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය…

December 13, 2022 at 6:42 am | by emanisa.lk

ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

රටම අගාධයට ඇදදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමු කරමින් ඔවුහු කියා සිටියහ.

අධිකාරියක් කිරීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය වෘත්තිය සමිති සහ සේවකයන් එකතුව පරාජය කළ බවත් එම ලිපියේ සඳහන්. සෑම ආණ්ඩුවකම ඇමති ධූරය දැරූ වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා සහ පැවැති ආණ්ඩු දුම්රිය පරිහානියට වගකිවයුතු බව ද ඔවුහු පවසති.

දුම්රිය වෘත්තිය සමිති සන්ධානය වැඩි දුරටත් කියා සිටින්නේ, දුම්රිය සේවකයන් සහ මගී ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවේ විනාශයට කිසිසේත්ම වග නොකියයුතු බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කළහොත් එහි සේවක වැටුප් ගෙවීම සඳහා ආදායම් උපයා ගැනීමට ඊට සිදුවන අතර රජය මහජන බදු මුදල් යොදවා එහි බර දැරීම අවසන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *