පාර්ලිමේන්තු සේවක දීමනාව 70% සිට 31% දක්වා කප්පාදු කිරීමට පාර්ලිමේන්තු සේවක සංගම් දැඩි විරෝධය පළ කරයි.
පාර්ලිමේන්තු සේවක සංගම් මේ පිළිබඳ කතානායක ජගත් වික්‍රමරත්නට පැමිණිලි කර ඇති අතර ඔහු අදාළ පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
පාර්ලිමේන්තු දිනවල සේවයට වාර්තා නොකරන්නේ නම් රැස්වීම් දිමනාවෙන් මෙතෙක් කප්පාදු කළ 2%ක නව වැටුප් චක්‍රෙල්ඛයෙන් 5% දක්වා ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ ඉහළ වැටුප් තලවල නිලධාරීන්ගේ වැටුප් වර්ධකය පාර්ලිමේන්තුවේ ඊට සමාන තනතුරු දරන නිලධාරීන්ට හිමි නොවීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇත.