දැරියන්ට අතවර කළ දේවගැතියා අත්අඩංගුවට..!

December 18, 2023 at 1:40 pm | by emanisa.lk

කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන්ට ලිංගික අතවර කළ බව පැවසෙන 63 හැවිරිදි දේවගැතිවරයෙකු‍ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට නේවාසිකාගාරයේ රැඳී සිටි 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11ත් 18ත් අතර පසුවන දැරියන් 8 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

දේවගැතිවරයා ලිංගික අතවර කළ බවට දැරියක් සිය පාසලේ විදුහල්පතිනියට මීට දින කිහිපයකට ඉහතදී පැවසීමෙන් අනතුරුව,විදුහල්පතිනිය විසින් 1929 දුරකථන අංකය හරහා කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශන ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *