දැන් ලංකාවේ ආර්ථිකය ගැන තීන්දු ගන්නේ ඇමරිකාව…! නන්දලාල් නාහෙන් අඬනවා මිස කරන වැඩක් නෑ…! – හිටපු මහ බැංකු අධිපති..

April 7, 2023 at 8:34 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම ඉතා ම අපහසු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

එසේ ම එම කොන්දේසි වෙනස් කිරීමේ හැකියාවක් හෝ නොමැති බවත් එහෙයින් දැන් රටේ ආර්ථිකය ගැන කතා කළ යුත්තේ ඒ පිළිබඳ තීන්දු ගන්න වොෂින්ටනයට ගොස් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

තමා වසර 09ක් මහ බැංකු අධිපති ධූරයෙහි කටයුතු කළ බවත් එකල ආර්ථික අවපාතයක් පැමිණිය ද තෙල් මිල ඉහළ ගිය ද රටේ යුද්ධයක් කළ ද කිසිදු අවස්ථාවක ජනතාව ඉදිරියට පැමිණ නාහෙන් ඇඬුවේ නැති බවත් සියලු තත්ත්ව කළමනාකරණය කළ බවත් අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *