දළ දේශීය නිෂ්පාදිතය නොදත් ලොස්ඇන්ජලීස් කොන්සල් ජනරාල්!

April 19, 2019 at 9:16 pm | by admin

මහින්ද රාජපක්ෂ රජයට රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ විරෝධී කණ්ඩායම් විසින් නගන ලද ප්‍රධාන චෝදනාවක් වුයේ තම දේශපාලන හිතවතුන් විදේශ තානාපති සේවයට යොදා ගෙන ඇති බවත් සිය පාලනයක් තුළ ඊට තිත තබන බවත්ය. නමුත් යහපාලන රජය බලයට පත් වූ පසු තම නෑදෑයන් සහ පක්ෂ හිතවතුන් විශාල ප්‍රමාණයක් විදේශ තානාපති සේවයේ පත්වීම් ලබා දී ඇත.

හිරුනික ප්‍රේමචන්ද්‍රගේ නැන්දනිය (භාරතගේ අක්කා) වන ස්වර්ණා ගුණරත්න නමැත්තිය ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් නගරයේ ති කොන්සල් ජෙනරාල් ලෙස 2016 දී පත් කර යවන ලද්දේ එසේ දේශපාලන පත්වීමක් ලෙසය. අයාලේ දුවන තම දියණිය සහ පුතා පාලනය කිරීමේ මුලික අදහසින් ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් කාර්යාලයට පැමිණි මැය මේ වනතුරු කර ඇත්තේ එම නගරයේ පිහිටි විදෙස් රටවල රාත්‍රී බෝජන සංග්‍රහවලට යාම සහ ශ්‍රී ලාංකිකයන්ගේ නිවස්වල තිබෙන උත්සවවලට සහභාගී වීම පමණි.

තම පළපුරුදු ගණකාධිකාරී ලෙස හඳුන්වා ගන්නා ස්වර්ණා ගුණරත්නගේ ආර්ථික දැනුමෙහි මට්ටම ගැන අවබෝධයක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දන ගැනීමට කදිම අවස්ථාවක් ලැබී ඇත.

මීට මාස කීපයකට පෙර ඇමෙරිකාවේ රාජකාරි කටයුත්තකට සහභාගී වීමට පැමිණි සුජීව සේනසිංහ ඇමතිවරයාට ස්වර්ණ ගුණරත්න හමු වී ඇත. මෙහිදී තමන් බලාපොරොත්තු වූ ආකාරයකට විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපොහොසත් වීම ගැන කලකිරීමෙන් කතා කොට ඇති ඇමතිවරයා එයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිත දර්ශකය පසුගිය රජය යටතේ ඉහල යාම නිසා අප රට බංගලාදේශය වැනි දුප්පත් රටක් ලෙස තව දුරටත් ලෝක ප්‍රජාව විසින් තව දුරටත් සලකනු නොලැබීමය. මේ හේතුව නිසා දුප්පත් රටවලට දෙනු ලබන ආයෝජන අවස්ථා මින් ඉදිරියට ශ්‍රී ලංකාවට නොලැබෙන බව ද ඇමතිවරයා පවසා ඇත.

පළපුරුදු ගණකාධිකාරීවරියක් ලෙස තමන් හඳුන්වා ගන්නා ස්වර්ණ ගුණරත්න විසින් මෙහිදී පවසා ඇත්තේ “ඉතින් සර් අපි ඔය දල දේශීය නිෂ්පාදිත (GDP)අඩු කර ගම්මුකෝ …එතකොට අපිට ආයෝජන අවස්ථා ලැබේවි කියාය.

දළ දේශීය නිෂ්පාදිත ගැන දැනුමක් ඇති ඇමතිවරයා පවසා ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම රටකට හොඳ බවය.

සෑම රාත්‍රියකම පාහේ අන් තානාපති කාර්යාලවල වයින් පාර්ටිවලට යන ස්වර්ණ ගුණරත්නට අඩුම වශයෙන් ගූගල් සෙවුමක් (Google Search) මගින් දළ දේශීය නිෂ්පාදිතය යනු කුමක්දයි විනාඩි කිහිපයකින් ඉගෙනුමට හැකියාවක් ඇති බව මේ සිද්ධිය සියැසින් දුටු ශ්‍රී ලාංකිකයෝ ප්‍රකාශ කරති.

මෙවැනි මන්ද බුද්ධික දේශපාලන පත්වීම් නිසා විදේශ සේවය මගින් ශ්‍රී ලංකාවට කවර සේවයක් වන්නේ දැයි ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලාංකිකයන් කතා බහ කරන අතර මසකට ඇමෙරිකානු ඩොලර් 9000 කුළිය ගෙවමින් මහා මන්දිරයක වෙසෙන ස්වර්ණා ගුණරත්න අඩුම වශයෙන් එම මුදලට සරිලන සේවයක් සිදු කළ නොහැකි නම් ශ්‍රී ලංකික ජනතාවගේ මුදල් මගින් මෙවැනි කාර්යාල කුමකට පවත්වා ගෙන යන්නේදැයි ප්‍රශ්න කරති.

ජගත් සේමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *