ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතාව ඉවත් කර ඇති බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යය බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
දයාසිරි ජයසේකර මේ දිනවල සිය පුත්‍රයාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටින අතර ඔහු නැවත දිවයිනට පැමිණෙන තුරු ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙහි වැඩබැලීම සඳහා එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත්කර තිබේ.
පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත්තේ දයාසිරි ජයසේකර මහතා සමග ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.