දයාසිරිට පක්ෂෙට එන්න පුළුවන්…! හැබැයි තනතුරු දෙන්න බෑ..! – මෛත්‍රී…

September 25, 2023 at 10:44 am | by emanisa.lk

හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කෙසේ වුව ද ඔහුට පක්ෂ සභාපති ධූරය සහ ලේකම් ධූරය පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ද හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු නියෝජිතයින් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවති සාකච්ඡාවකදීය.

දයාසිරි ජයසේකර පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා එහි දී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *