තෙල් සංස්ථාව පාඩු ලබද්දිත් කැපවීමෙන් වැඩ කරන අපට බෝනස් ගෙවීමේ වරදක් නෑ..! – වෘත්තීය සමිති සභාපති…

January 5, 2023 at 5:54 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිදු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පවසයි.

රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට පාරිතෝෂික නොගෙවන ලෙස මහා බන්ඩාගාරයෙන් මේ දක්වා කිසිදු චක්‍රලේකනයක් නිකුත් කර නොමැති බව පවසන බන්දුල සමන් කුමාර, වසර තුනක සේවක සමුහික ගිවිසුම් අස්සන් කර තිබෙන නිසා නිත්‍යානුකූල ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් .කොවිඩ්. සමයේ ද අඛණ්ඩව සේවය කළ බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *