තෙල් මිල එහා මෙහා වුණා කියලා කෑ ගහන්න දෙයක් නෑ! ඒක මාසෙකට පාරක් විඳින අත්දැකීමක්! – මනූෂ

June 12, 2019 at 1:22 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සමග සාධනීය ආර්ථික මට්ටමක් පවත්වා ගෙන යා හැකි වූයේ ආණ්ඩුවේ ක්‍රමවත් ආර්ථික කළමනාකරණය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

තෙල් මිල එහා මෙහා වීම පිළිබඳ ලොකුවට කෑ ගැසීමේ අවශ්‍යතාවක් නැති බවත් එය සෑම මසකම අත්විඳින අත්දැකීක් බවත් පවසන මන්ත්‍රීවරයා එළඹෙන මාසයේ තෙල් මිල පහළ යාමට හෝ ඉහළ යාමට යා හැකි බව ද කීවේය.

රටේ අනෙකුත් ආර්ථික කරුණු සමග සාකච්ඡා කිරීමේ දී එය මහ ලොකු ප්‍රශ්නයක් නොවන බව ද ඔහු පවසයි. තෙල් මිල අඩු කර අනෙකුත් භාණ්ඩ මිල ඉහළ දමා රටේ සංවර්ධනය අඩාල කර පලක් නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ජනතාවට උපරිම සහන ලබා දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් පසුගිය ආණ්ඩුවේ තෙල් මිලට වඩා වර්තමාන තෙල් මිල තවමත් අඩු බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *