තිළිණිට හසු වූ කළු සල්ලිකාරයින් ගස්…! සියලු ලිපි ලේඛන රහස් පොලිසිය අතේ..! ප්‍රශ්න කරන්න සූදානම්…!

November 13, 2022 at 3:23 pm | by emanisa.lk

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වා ගෙන යමින් කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් ආයෝජනය කර වංචාවට ලක්ව, එහෙත් පැමිණිලි නොකළ පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලීසිය තීරණය කර ඇත.

ඒ තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් ලබා දුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලයෙන් ලබාගත් ලිපි ලේඛනවල අඩංගු තොරතුරුවලට අනුවය.

අදාළ පුද්ගලයන් පැමිණිලි කරනු ඇතැයි අපේක්ෂාවෙන් රහස් පොලීසිය බලා සිටිය ද එය සිදු නොවීම නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙසේ වංචාවට ලක්ව පැමිණිලි නොකළ පිරිස නීති විරෝධී ආකාරයට උපයා ගත්, එම මූලාශ්‍ර හෙළි කළ නොහැකි පිරිස විය හැකි බවට අදහස් පළ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *