ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට පාරම් බාන ජනපති තවම ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන තවමත් තහනම් කර නෑ! තවුහිද් ජමාත් ත්‍රස්තයෝ ඊයේ රෑත් ගැටුමක!

May 8, 2019 at 10:18 am | by admin

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem – JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැත.

හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 27 වැනිදා නිවේදනය කළේය.

ඊයේ රාත්‍රී (08) ද මාතලේ, වරකාමුර ප‍්‍රදේශයේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ පිරිසක් සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති වූ අතර සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *