තව දුරටත් පාසල් වසා තැබීමේ කිසිම පදනමක් නෑ…! පාසල් වහා ම විවෘත කළ යුතුයි…! – මහාචාර්ය නීලිකා මලවිගේ….

September 5, 2021 at 4:35 pm | by emanisa.lk

ඉතා ඉක්මනින් පාසල් විවෘත කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

තව දුරටත් පාසල් වසා තැබීම ප්‍රායෝගික නොවන බව මහාචාර්යවරිය පෙන්වා දෙයි.

ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන බොහෝ බටහිර රටවල පවා පාසල් විවෘත කර ඇති බවත්, පසුගිය මැයි මාසය වන විට පාසල් වසා දැමීමට තීරණය කර තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක් පමණක් බවත් මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි.

මෙම වසරේ දී පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වූයේ සීමිත දින ගණනක් තුළ පමණක් බවත්, ලබන ජනවාරි දක්වා පාසල් වසා තැබීම කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවක් බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *