තව දස මාසයක් පළාත් සභා ඡන්දේ කල් දැම්මොත් මම සභාපතිකමින් අයින් වෙලා කොමිසමේ ඉන්නවා! මැකෝ

January 28, 2019 at 8:46 am | by admin

නොවැම්බර් 10 වෙනිදාට කලින් පළාත් සභා මැතිවරණය තැබීමට කටයුතු නොකරන්නේ නම් තමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් මෙසේ පවසයි.

“ජනාධිපතිවරණය කලින් තිබ්බොත් අපට කරන්න දෙයක් නෑ. හැබැයි නොවැම්බර් 9යි දෙසැම්බර් 9යි අතර ජනාධිපතිවරණය තියන තුරු පළාත් සභා ඡන්දය නොතිබ්බොත් ඊට විරෝධය දැක්වීමක් හැටියට මම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙනවා. නමුත් කොමිසන් සභාවේ ඉන්නවා. මහින්ද දේශප්‍රියත් පුරවැසියෙක්. මේ ඡන්දය කල් දැමීම පිළිබඳ මහින්ද දේශප්‍රියගේ හෘදය වස්තුවත් රිදෙනවා. හැම දේශපාලන නායකයෙක්ම සාකච්ඡාවල දී ඡන්දය තියන්න ඕන කියනවා. සමහර දේශපාලන පක්ෂ තමන්ගේ ඇජෙන්ඩාවලට ඡන්දය තියනවා කියනවා. එක එක පක්ෂවල හරි එක එක්කෙනාගේ හරි ඇජෙන්ඩාවලට ඡන්දය තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි වෙන්නේ නෑ.”

කෙසේ වුවද නොවැම්බර් මාසය වන විට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නිල කාලය අවසන් වීමට ඇත්තේ මාස කිහිපයක් පමණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *