තමන්ට විරුද්ධව විශ්වාසභංගය ගේන ඒකාබද්දෙට රිෂාඩ් එකතු වෙනවා කිව්වා! – ජේ.සී. අලවතුවල

May 22, 2019 at 3:04 pm | by admin

ඇමති රිෂාඩ් බදියුදීන් තමන්ට එරෙහිව විශ්වාසභංගය ගෙන එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමේ සූදානමක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පවසයි.

අගමැතිවරයා විශ්වාසභංගය කල්දැමීමට හෝ එය වැළැක්වීමට කතා නොකළ බවත් රිෂාඩ් බදියුදීන් එම රැස්වීමේ දී තමා ඒකාබද්ධ විපක්ෂ සමග එකතු වන්නේ යැයි පැවසූ බවත් සඳහන් කළේය.

ඊයේ රාත්‍රී (21) දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද ඇමති නවීන් දිසානායක ඊයේ සවස එජාප මන්ත්‍රී හමුවෙන් පසු ප්‍රකාශ කළේ ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව එජාපය ඡන්දය පාවිච්චි කරන බවය.

කෙසේ වුවද කිසිදු අන්තවාදියකු අනාගත ආණ්ඩුවට නොගන්නා බව මහින්ද රාජපක්ෂ මෙයට පෙර පැවසූ අතර විමල් වීරවංශ මෙන්ම උදය ගම්මන්පිල ද රිෂාඩ් බදියුදීන් සිටින ආණ්ඩුවක තමා නොසිටින බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස