ටියුෂන් නියාමනයට සූදානම්…! විෂයෙන් පිට කතා කරන්නේ බලා ගෙනයි..!

June 17, 2023 at 3:22 pm | by emanisa.lk

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

උසස් පෙළ පන්තිවල අය කරන ගාස්තු, එම පන්තිවලදී ප්‍රකාශ කෙරෙන ඇතැම් කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ සංවිධානය සමග ද සාකච්ඡා කරන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරට ත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *