ගුරුවරුන්ට උගන්වන්නේ නැතිව ඉන්න පුළුවන් වගේ ම අපට කුඹුරු නොකර ඉන්නත් පුළුවන්….! – ගොවි සංවිධාන…

September 16, 2021 at 6:11 pm | by emanisa.lk

ගොවි ජනතාවට සිය වී ටික ගෙදර තබා ගන්න එපා කියා තහංචි දැමූ යුගයක් මින් පෙර නුවූ බව විජිතපුර ගොවි සංවිධානයේ සභාපති සරත් රාජපක්ෂ පවසයි.

තම වී ටිකට නියම මිලක් නොලැබෙන්නේ නම් විකුණන්න එපා යැයි ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගුරුවරුන්ට ඉගැන්වීම් නොකර ගෙදරට වී සිටිය හැකි නම් තමන්ට ද කුඹුරට නොබැස ගෙදරට වී සිටිය හැකි බව සරත් රාජපක්ෂ අවධාරණය කරයි.

එළැඹෙන මහ කන්නයේ දී තමන් කුඹුරු වගා නොකරන බවට හෙතෙම රජයට අනතුරු ඇඟවීමක් ද කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස