ජෙයරාජ් ඝාතනය කළේ ප්‍රභාකරන් නෙමෙයි…! ගම්පහ බලය අල්ලන්න ආව රාජපක්ෂලා…!

September 5, 2022 at 8:44 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කළේ කොටි සංවිධානය නොවන බව lankaenews මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.

එය ජෙයරාජ් ගම්පහ දේශපාලනය කිරීම තමන්ට තර්ජනයක් වේ යැයි සිතා සිදු කළ බවයි, ඔහු අනාවරණය කළේ. බැසිල් රාජපක්ෂට ගම්පහ සංවිධායක ධූරය ලබා දීමට ජෙයරාජ් එරෙහි වූ බවත් ජෙයරාජ් කතෝලික ආගම ද අතහැර බෞද්ධාගම වැළඳ ගෙන අගමැතිකමට ඉව අල්ලමින් සිටි බව ද හෙතෙම හෙළි කරයි.

මෙම ඝාතනය කොටි සංවිධානයෙන් කරුණා පිල්ලෙයාන් සමග කැඩී ආ සෙරම්මා නම් අයකු විසින් මෙහෙය වූ බවත් කීර්ති රත්නායක හෙළි කරයි.

අදාළ චෝදනාව කිරුබාකරන්ට සහ ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ නගමින් සේරම්මාන් රජයේ සාක්ෂිකරු බවට පත්ව නිදහස් වූ බවත් මේ වන විට ඔහු රටින් පළා ගොස් ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

වසර 13කට පසු පසුගිය 01 වෙනිදා ඇප ලබා නිදහස් වූ කිරුබාකරන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බදුල්ල මහ අධිකරණයේ නඩු පවරා නැවත රිමාන්ඩ් කර ඇතැයි ද කීර්ති රත්නායක කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *