ජීවන වියදම කියන තරම් වැඩි නෑ….! රු. 5147න් මාසයක් ජීවත් වෙන්න පුළුවන්….! 

February 14, 2021 at 7:59 am | by emanisa.lk

අඩු ආදායම්ලාභී පවුලක එක් පුද්ගලයකුට මූලික අවශ්‍යතා පමණක් සපුරා ගෙන මසක් ජීවත් වීම සඳහා රුපියල් 5147ක් අවශ්‍ය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ නවතම විමර්ශනයකින් හෙළි වී තිබේ.

දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම විමර්ශනය සිදු කර ඇති අතර මෙම මුදල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් අගයන් ගෙන තිබේ.

ඒ අනුව එක් පුද්ගලයකුට මසකට වැය වන වැඩි ම මුදල වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම මුදල රුපියල් 5588කි. අඩුම මුදලක් වැය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම මුදල රුපියල් 4846කි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේද රුපියල් 5475ක මුදලක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5418ක මුදලකින්ද ජීවත් විය හැකි බව හෙළිකරගෙන ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ දිනකට පුද්ගලයකු තම සිරුරට ලබා ගත යුතු කැලරි 2030ක ප්‍රමාණයද ආවරණය වන පරිදි මෙම ගණනය කිරීම් සිදු කළ බවයි. ආහාර, ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍යතම මූලික අවශ්‍යතා පමණක් අදාළ කරගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇත.

මෙම වාර්තාවට අනුව උතුරු සහ උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක අතරින් අඩු ආදායම්ලාභියකුට මසකට වැය වෙන මුදලෙහි වැඩිම අගයන් වාර්තා වන්නේ යාපනයෙනි. එම මුදල රුපියල් 5141කි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *