ජ්‍යෙෂ්ඨ වූ පමණින් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ! ජනපතිට ජනවරමක් ලැබුණාට ප්‍රඥාවක් නෑ! ප්‍රඥාවන්තයේ අපි!

February 12, 2019 at 11:48 pm | by admin

ව්‍යවස්ථාදායක සභාව නිසා ජනාධිපතිවරයාට උවමනා අය තනතුරුවලට පත් කරගත නොහැකි වී ඇතැයි මහචාර්ය සරත් විජේසූරිය පවසයි.

“….තමන්ට අවශ්‍ය පුද්ගලයන්ව පෙර ලෙස පත් කරන්න, නොහැකි නිසා ජනාධිපතිවරයා කෝප වෙලා ඉන්නේ. අපි ජේෂ්‍යඨත්වය සලකන්නේ නැහැයි කියල, ඔහු වැරදි අදහස් සමාජගත කරනවා. ජේෂ්‍යඨත්වය කියන එක වැදගත්. හැබැයි ජේෂ්‍යඨ වූ පමණින්, යම් කිසි පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නැහැ.”

“ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සම්බන්ධව අවධානය යොමු කරන කොට සිහිපත් වන දේ තමයි ඊට සිවිල් සමාජයෙන් සමාජිකයෝ 07 දෙනෙක් යෝජනා කර තිබීම. එහෙත්, පාර්ලිමේන්තුව ඒ 07, 03 කට බැස්සුවා. ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කිරීමෙන් ජනාධිපතිවරයාට, ඒකාධිපතියෙකු ලෙස, කටයුතු කිරීමට තිබුණු අවකාශය අඩුවුනා. ඔහුට අභිමත පුද්ගලයන් වැදගත් තනතුරු වලට පත් කරන්නට, ඒ ඔස්සේ අධිකරණය හීලෑ කරගැනීමට තිබුණු අවකාශය නැති වුනා.

මේක ඉතාමත් වැදගත් දෙයක්. මේ කටයුත්තට යම් ආකාරයකට නායකත්වය දුන්නු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අද ඒ ක්‍රියාවලිය හෙළා දකින තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඔහු ප්‍රකාශයක් කරනවා, තමා නිර්දේශ කරන පුද්ගලයන්ගේ ව්‍යවස්ථාදායක සභාව අනුමත කරන්නේ නැහැ කියලා.

ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කරලා තියෙන්නේ ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් වලට රබර් මුද්‍රාවක් තබන්නට නෙමෙයි. ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කළහම, අදාළ තනතුරේ ගෞරවයට, අභිමානයට, ඒ යෝජනා කර තිබෙන චරිතය ගැලපෙනවද කියන එක, පරීක්ෂා කරන එක තමයි ව්‍යවස්ථාදායක සභාවේ වගකීම. ජනාධිපතිවරයාට මහජන වරමක් ලැබුණු නිසා විධායක බලය ලැබුනට, ඒ නිසා ඔහුට අසාමණ්‍ය ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා කෝප වෙලා තියෙන්නේ ඇයි? තමන්ට අවශ්‍ය පුද්ගලයන්ව පෙර ලෙස පත් කරන්න, නොහැකි නිසා. ඔහු වැරදි අදහස් සමාජගත කරනවා. ජේෂ්‍යඨත්වය සලකන්නේ නැහැයි කියන එක. ජේෂ්‍යඨත්වය කියන එක වැදගත්. හැබැයි ජේෂ්‍යඨ වූ පමණින්, යම් කිසි පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලියට ඔහු සුදුසුම පුද්ගලයෙක් වන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *