ජවිපෙ 5-6 තනියම බුදු වෙන්න හදනවා..! අපිත් 08 වෙනිදා වෙන ම විරෝධතාවක් කරනවා..! – ස්ටාලින්…

December 5, 2022 at 10:23 am | by emanisa.lk

මෙම 5 සහ 6 දිනවල ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති දියත් කරන විරෝධතාව පිළිබඳ තමන් සමග සාකච්ඡා නොකළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

එම විරෝධතාව පිළිබඳ තමන්ගේ විරෝධයක් නැති වුව ද සියලු දෙනා සාකච්ඡා කොට එය දියත් කළේ නම් තමන්ට ද ඊට එකතු වන්නට තිබූ බව ස්ටාලින් පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ තනිව මෙම විරෝධතා ගෙන යාමට උත්සාහ කරන බව ද අධ්‍යාපන ගැටලු පිළිබඳ සියලු දෙනා එක්ව අරගල කළ ආකාරයට ඉදිරියට ද කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද එළඹෙන 08 වෙනිදා විරෝධතාවක් දියත් කිරීමට තමන් සූදානම් බවයි, ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *