ජවිපෙ වසන්තර සමරසිංහ කියන්නේ බොරු…! මටත් හොරා මගේ V8 එක විකිණුවේ අපේ දායිකාවක්…!

October 14, 2022 at 2:56 pm | by emanisa.lk

තමන්ගේ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප්රථය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර විසින් හොර රහසේ විකුණා දමා ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවක් යැයි ඇතැමුන් පැවසුවද එහි කිසිදු සත්‍යයතාවක් නැති බව ද උන්වහන්සේ කියා සිටියහ.

ප්‍රියංකා තම විහාරස්ථානයේ දායිකාවක වුව ද තිළිණි ප‍්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බව ද තමන් වහන්සේට දායකයෙකු පරිත්‍යාගයක් කළ එම ජීප් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම මන්ත්‍රීවරිය පසුව මුදල් ලබා දීමේ පදනමින් එය ලබා ගෙන ගියද පසුව මුදල් ලබා නොදීම නිසා කළ සොයා බැලීමක දී එය අලෙවි කර ඇති බව හෙළි වූ බවයි, උන්වහන්සේ පැවසුවේ.

ඒ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇතැයි ද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *