ජවිපෙ රනිල් එක්ක සාකච්ඡාවට නොගියේ ෆේස්බුක් එකට බයේ…!

August 10, 2022 at 7:56 am | by emanisa.lk

ආණ්ඩුව දැඩි මර්දන ක්‍රියාවලියක් දියත් කර ඇති අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට තීන්දු කළේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, අරගලයට සම්බන්ධ වූ අහිංසක පුරවැසියන් දහස් ගණනින් අත්අඩංගුවට ගන්නා පසුබිමක ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව විපක්ෂය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කෙසේ වුව ද සමාජමාධ්‍ය ඔස්සේ නැඟුණු දැඩි විරෝධය නිසා ජනතා විමුක්ති පෙරමුණ අවසාන මොහොතේ ජනාධිපතිවරයා හමු නොවී සිටීමට තීරණය කළ බව ද ඔහු පවසයි.

පුබුදු ජයගොඩ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජවිපෙ එම තීන්දුව අගය කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *