ජාතික ජන බලවේ සාමාජිකයෙකු විසින් සමගි ජන බලවේග සාමාජිකයෙකුට රෝහල්ගත වන්නට පහර දී තිබේ.
බුලත්සිංහල ඈගල්ඔය කොට්ඨාශයේ ජාජබ සාමාජිකයෙකු විසින් මෙම පහර දීම සිදුකර තිබේ.
පහර දීමට ලක් වූ සුමිත් සේනක නම් සජබ සාමාජිකයා බුලත්සිංහල පොලිසියට ද මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.
සුමිත් සේනක පසුගිය සජබ මැයි දින රැලියට සිය ඥාති වැඩිහිටියෙකු ද සමග ගොස් ඇති අතර එම ඥාතියගේ බෑනා මේ පිළිබඳ උරණ වී අදාළ පහර දීම සිදුකර තිබේ. සිය මාමා නිවසින් පන්නා දැමීමට ද ඔහු කටයුතු කර ඇත.