ජවිපෙ නායක අනුර ඉන්නේ, විජේවීරට වඩා ගව් ගාණක් ඉදිරියෙන්…! – නිර්මාල්…

October 17, 2021 at 7:08 pm | by emanisa.lk

කථිකයෙක් ලෙස ගත් කළ අනුර කුමාර රෝහණ විජේවීරට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටී. අනුර සිය ශ්‍රාවකයාගේ තර්ක බුද්ධියට ආමන්ත්‍රණය කරන අතර විජේවීර අමතන්නේ තමන් සමඟ ආවේගාත්මකව බැඳී සිටින ශ්‍රාවක පිරිසටයි.

ආවේග හැරුණු විට ඔහුගේ කතාවල ඒ තරමට හරයක් ඇත්තේ නැත. නමුත් අනුර කුමාරගේ කතාවල ඔහු තමන් ඉදිරිපත් කරන දෙය ඒත්තු යන ආකාරයට ආවේග වලින් තොරව ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. ඒ නිසා දේශපාලන වශයෙන් අනුර කුමාර සමග නොසිටින කෙනෙකුට වුවත් ඔහුගේ කතාවලට සවන්දීමට පුළුවන.

ඒ අතින් කථිකයෙක් ලෙස විජේවීර උරුමය වැඩිපුර යන්නේ විමල් වීරවංශයි. කෙසේ වෙතත් විමල් පවා කථිකයෙක් ලෙස ගත් කළ විජේවීරට ඉදිරියෙන් සිටී.

මේ වෙනසට හේතුව ලෙස මා සිතන්නෙ විජේවීරගේ ආමන්ත්‍රණයට එකල ප්‍රතිචාර දැක්වූ ශාවක ප්‍රජාවගේ දේශපාලන මනසේ ව්‍යුහාත්මක සැකැස්මයි.

Nirmal Dewasiri FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස