ජවිපෙ තරම් අන්ත දූෂිත හොර ගුහාවක් තවත් නෑ…! – දිලිත් ජයවීර….

May 15, 2024 at 1:37 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අතිශය දූෂිත බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ඕනෑම දේශපාලන පක්ෂයක් සිය සාමාජික මුදල් හැරුණු විට සියලු ආදායම් සඳහා ආදායම් බදු ගෙවිය යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

අනුර දිසානායක ඇතුළු නායකයන් අඳින පළඳින දෑ, යන එන වාහන, ව්‍යාපාරික පන්තියේ විදෙස් සංචාර ඇතුළු සියලු කටයුතු ලංකාවේ සෙසු ජනතාව මෙන් බදුවලට යටත්විය යුතු බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.

ඇමරිකාවට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතක් ලක්ෂ 40ක් පමණ වන බවත් අනුර දිසානායක ඇමරිකාවට ගියේ ව්‍යාපාරික පන්තියේ බවත් හෙතෙම කියයි.

පක්ෂයේ අරමුදල් යැයි කියමින් කිසිදු බදු මුදදලක් නොගෙවා මෙලෙස වියදම් කිරීම නීති විරෝධී බව පවසන දිලිත් ජයවීර ඔහු දැන් යන එන දියුණු යැයි සම්මත කිසිදු රටක මෙවැනි ක්‍රියා සිදුනොවන බව ද අවධාරණය කරයි.

දසත රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *